ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තහවුරු කොට, අලුත් ආර්ථික පරිවර්තනයක් කිරීම වෙනුවෙන්, පැරණි නීති වෙනස් කොට, අලුත් ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ‘පරණ මලකඩවලින් කැඩී එලියට එන’ ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සාමාජිකත්වයෙන් ඉල්ලා සිටියි.
“දැන් ළමයින්ට සන්තෝසෙන් ඉස්කෝලේ ගිහින් යාළුවො එක්ක ඉන්න පුළුවන්. අපිට දැන් අනාගතේ සැලසුම් කරන්න පුළුවන්”
රසික සමරසිංහ: සෞඛ්‍ය සේවකයන්ට බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම පිලිබඳ සීමා ලිහිල් කිරීම සමග දරු පවුලටම සහනයක් ලබාගත් ශ්‍රී ලාංකිකයෙක්. ඔහු වෙනුවෙන් නීති කටයුතු කළේ නීතිඥ නාගා කන්දයියා
ONE FAMILY’S VICTORY. A MESSAGE OF HOPE FOR THOUSANDS OF FAMILIES.
I am delighted that, following our @MTC_Solicitors challenge through Administrative Review, the Home Office has reversed its decision in Rasika’s case.
As his solicitor, I recognise that this outcome goes beyond one family. It sends an important message to thousands of families facing similar immigration difficulties: challenging an immigration decision can make a real difference.
These care workers came to the UK lawfully, progressed from student visas to the Post-Study Work route and subsequently entered sponsored care employment. Yet their families faced the prospect of separation.
Immigration policy must never replace individual justice. Exceptional circumstances, children’s best interests, procedural fairness and fundamental human rights must be properly considered.
This outcome is significant, but the wider dependant restrictions remain in place. The fight is far from over.
We challenged one decision, helped protect one family’s future and highlighted an issue affecting thousands of families.
A refusal should never be assumed to be the final word. Where there are proper legal grounds, challenge it.
The fight for fairness and family unity continues. @TheLawSociety
#ImmigrationLaw #AdministrativeReview #CareWorkers #FamilyUnity #HumanRights #AccessToJustice.
theguardian.com/uk-news/2026…
යාපනයේ කන්දරෝදය පුරාවිද්‍යා භූමියේ බුදු පිළිමයක් ස්ථාපිත කොට ඇති බවට ලද පැමිණිල්ලක් අනුව නොවැම්බර් 3 දා එහි ගිය වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා ප්‍රකාශ්, එවැනි පිළිමයක් එහි නැති බව පවසයි. ඉදිරියේදී එවැනි දෑ කළොත් නීති මගින් පියවර ගන්නා බවද ඔහු අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය කැන්දන තේ වගාවට සියවස් ගණනක් දහදිය වැගිරූ මලයහ දෙමළ ජනතාවගේ ඉඩම් හා නිවාස ප්රශ්නය විසඳනු වෙනුවට වතුකරයේ ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීමේ ගිය ආණ්ඩුවේ යෝජනාව මාලිමාණ්ඩුවත් ක්‍රියාත්මක කිරීමට එරෙහිව කඳුකරයේ සිට කොළඹ පැමිණි ක්‍රියාධරයන් අගනුවර විරෝධතාවක.
මහමගදී බාලවයස්කාරයකුට වෙඩිතබා බරපතල ලෙස තුවාල කළ පොලිසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නීතියෙන් පියවර නොගන්නා ලෙස ඔහුගේ දෙමාපියන්ට බලපෑම් කරන බවට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ ව්‍යාපාරයෙන් චෝදනා.
"ඔහුගේ කොන්දට වෙඩි වැදිලා මේ වනවිට අස්ථි බිඳිලා තියෙනවා" සුදේශ් නදිමාල් ද සිල්වා.
සිංහල පදිංචිකරුවන් විසින් තණබිම් ආක්‍රමණය කිරීම හේතුවෙන් අවදානමට ලක්ව ඇති කිරි ගොවීන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල දෙමළ පිරිසක් විරෝධතාවයක.
ජාතික ජන බලවේග පාලන කාලය යටතේ පත් කරගන්නා ලද දෙවැනි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි චෝදනා 50ක් රැගත් විශ්වාස භංගය විවාද කිරීමේ අවස්ථාව ආණ්ඩු පක්ෂය විසින් වලක්වා ලන බවට චෝදනා කරමින් විපක්ෂය සටන් පාඨ හඬ නගමින් පාර්ලිමේන්තුවේ විරෝධයක්.
මාස ගණනක් තිස්සේ වැටුප් නොගෙවා, සේවක අර්ථසාධක අරමුදල්ද හිරකොටගෙන සිටින බවට @CeylonToday හා 'මව්බිම' පුවත්පත් මුද්‍රණය කරන ආයතනයට චෝදනා කරන මාධ්‍යවේදීන් හා මාධ්‍ය ශ්‍රමිකයන් 'දේශපාලන සම්බන්ධතා' නිසා රජය ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නා බව පවසමින් ජනාධිපතිවරයාට මැදිහත් වන ලෙස ඉල්ලති.
වසර 36 ක් තිස්සේ හමුදාව විසින් අත්පත් කරගෙන සිටින අක්කර 6000 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරන ලෙස ඉල්ලා, උතුරේ දෙමළ ජනතාව පලාලි හන්දියේ සහ වාසවිලාන් හි සිංහල සටන් පාඨ කියමින් විරෝධතාවයක.
මාධ්‍යවේදීන් 40කට වඩා මරාදමා ඇති ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් පෙර නොවූ විරූ ත්‍යාගවන්ත භාවයක් දක්වමින් ආණ්ඩුව ආසියානු විකාශක සංගමයේ (@ABU_HQ) 63 වැනි මහ සමුළුව, සංගීත සංදර්ශන හා විනෝද චාරිකා පැවැත්වීම සඳහා සිරස මාධ්‍ය ජාලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් වෙන් කරයි.
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රොහින්ග්යාවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් (60) වන දරුවන්ට කිසිදු ආකාරගත අධ්‍යාපන පහසුකමක් සලසා නැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අනාවරණය කරයි.
“ශ්‍රී ලංකාවේ උපන් බිලිඳුන් හතර දෙනාගෙන් එක් අයකුටවත් නිල උප්පැන්න සහතික ලබා දී නොමැත.”
හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී මියගිය 29 හැවිරිදි දෙදරු පියකු වන ඉෂාර හර්ෂකුමාරගේ මරණයට හේතු කාරනා සම්බන්ධ අපක්ෂපාතී, පාරදෘශ්‍ය හා අංගසම්පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලයි.
එයාර්බස් මිලදී ගැනීමට අල්ලස් ගැනීමේ චෝදනා නැගී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
අත් අඩංගුවේ දී මරණයට පත් හෝමාගම එක්දරු පියාගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණයට පෙරම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කල්තියාම හේතු ප්‍රකාශයට පත් කිරීම මගින් යුක්තිය ඉටුවීම පිලිබඳ සැක පල කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ආණ්ඩුව ගෙනඑන නව නීති එවැනි මනුෂ්‍ය ඝාතන වැඩි කරනු ඇති බවට බිය පල කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවට දින 50ට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පා.ම නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 27 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන එයි
අම්පාර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල වී අස්වනු නෙළීම අවසන් වීමෙන් පසු වන අලි ගම් වැදීම ඉහළ යාම නිසා ප්‍රදේශවාසීහු බියට පත්ව සිටිති.
මාවඩිප්පල්ලි, සම්මන්තුරේ, කාරයිතීව්, නින්දවූර්, සායින්දමරුදු සහ කල්මුණේ ඇතුළු ප්‍රදේශවල වන අලි සැරිසැරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 👇
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් පලාලි හන්දියේ 2026 ජුනි 21 වැනි ඉරිදා ආරම්භ කළ විරෝධතාවය 19 වැනි සතියත් පසු කරයි.
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් කමාන්ඩර් බංගලාව නමින් හදුන්වන උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට 2026 අප්‍රේල් 24 වැනිදා සිකුරාදා ආරම්භ කළ විරෝධතාවය 27 වැනි සතියත් පසු කරයි.
'සාම සාධනය' සඳහා යැයි කියා ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර වාඩිලාගත් ඉන්දීය හමුදා විසින් 39 වසරකට ඉහතදී යාපනයේ, කොකුවිල් හින්දු විද්‍යාලයට කඩා වැදී මරා දමා තවමත් යුක්තිය නොලද කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ඇතුළු දෙමළ 55 දෙනකුට වැඩි පිරිසක් මලින්, පහනින් අනුස්මරණය කෙරේ.








