Dimuth Wickramasinghe retweeted
Sri Lanka’s Elina Gunawardena Shone on the Victoria’s Secret Fashion Show 2026 Runway
ඇත්තක්ද 🤔
@unknown_lankan – at Vishakhapatnam, India
ගෙම්බා නැති X
පරිප්පු නැති බේකරියක් වැනිය
🐸
@unknown_lankan – at Vishakhapatnam, India
Dimuth Wickramasinghe retweeted
දේශසීමා වෙළඳ මූල්යකරණය සක්රීය කරමින් DFCC බැංකුව සහ ඉන්දියා එක්සිම් බැංකුව අතර සුවිශේෂී එකඟතාවක්
වැඩි විස්තර - tinyurl.com/ms2p3fp2
Dimuth Wickramasinghe retweeted
මේවට වගකියන්න ඕන රැළ තමා - දැන් විහාරමහාදේවී පාක් එකේ පන්දම් පාලි නටන්නෙ ...
අවුරුදු ගාණක මහන්සිය - එක මොහොතින් ඉවරයි !!
😌
Post of the day 👏👏👏👏👏 – at Vishakhapatnam, India
Democracy is a beautiful thing. It helps build a real-world society. Sometimes we agree, and sometimes we don't, but we all live under it.
For over 70 years, however, democracy hasn't truly applied to our society at the ground level. Every company has an inner circle that makes decisions and drives them forward. There is no transparency, and better ideas aren't considered at the top level.
#luckyතට්ටයා# – at Vishakhapatnam, India
වෙඩික්කරු අල්ලාගත් පසු ඩ්රැගන් සම්පත් ඝාතනයේ සුලමුල එලිවේ
පසුගිය ඔක්තෝබර් 09 වැනිදා උදෑසන 7.40ත් 7.55ත් අතර කාලයයි. කළුතර, මතුගම මාර්ගයේ නාගොඩ, ගල්ලස්ස හංදියේ පිහිටි ‘ඩ්රැගන්’ අවන්හල ඉදිරිපිටට පැමිණි සුඛෝපභෝගී රථයකින් අවන්හල් හිමිකරු සහ ඔහුගේ බිරිඳ බැස ගත්තා පමණි.
යතුරුපැදියකින් ආ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එකවරම ඔවුන් වෙත ටී-56 ගිනි අවියකින් උණ්ඩ වරුසාවක් එල්ල කළහ. පොලිස් විමර්ශනවලට අනුව තුවක්කුකරු සිය මුළු පතොරොම් ගැබම හිස් කර තිබූ අතර, එම ස්ථානයේ පතොරොම් කොපු 30ක් විසිරී තිබී සොයා ගැනිණි.
මෙම අමානුෂික ප්රහාරයෙන් 54 හැවිරිදි තුෂාර සම්පත් එදිරිසිංහ හෙවත් “ඩ්රැගන් සම්පත්” එතැනම ජීවිතක්ෂයට පත් විය. බරපතළ තුවාල ලැබූ ඔහුගේ පනස් වැනි වියේ පසුවූ බිරිඳ, සමරවීර මුදලිගේ දෝන ශිරෝමි ප්රියදර්ශනී කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව, දින දෙකකට පසු එනම් ඔක්තෝබර් 11 වැනිදා අලුයම අවසන් හුස්ම හෙළුවාය. පාතාලයේ අඳුරු ගනුදෙනුවක ප්රතිවිපාක වෙනුවෙන් අවසානයේ ඒ අහිංසක කාන්තාවට ද සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබිණි.
ඝාතනයට ලක්වූ ඩ්රැගන් සම්පත් යනු හුදු සාමාන්ය ව්යාපාරිකයකු නොවන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු ප්රදේශයේ ප්රබල රාජ්ය තාන්ත්රිකයකුගේ සහ දේශපාලනඥයකුගේ සෙවණැල්ල යටතේ දීර්ඝ කාලයක් නීතියෙන් රිංගා ගිය චූදිත අපරාධකරුවෙකි. දොඩන්ගොඩ, තුඩුගල ඇල්ල රෙස්ටුරන්ට් හිමිකරු පුබුදු විජේගුණවර්ධනගේ ටී-56 ගිනි අවිය සොරාගෙන එය මොරටුව සහ ග්රෑන්ඩ්පාස් ප්රදේශවල පාතාල ක්රියාකාරකම් සඳහා ලබාදීම, දොඩන්ගොඩ "මීපැටියා" නමැති නිවුන් සොහොයුරන්ගෙන් අයකු ඝාතනය කිරීම සහ ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් ද ඔහුට බරපතළ චෝදනා එල්ල වී තිබිණි. ඔහුගේ මෙම අපරාධ පසුබිම නිසාම මීට වසර කිහිපයකට පෙර ඇසිඩ් ප්රහාරයකට ද ලක්වූ ඔහුට ඉන් සිය පෙනීම තරමක් දුරට අහිමි වී ගොස් තිබුණේය.
මෙම ද්විත්ව ඝාතනයේ මූල බීජය සැඟවී ඇත්තේ ශ්රී ලංකාවේ සිට ඩුබායි දක්වා විහිදුණු කළු සල්ලි සහ මත්ද්රව්ය ජාලයක් තුළය. විමර්ශනවලට අනුව, ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක "කළුතර නවීන්" ගේ මත්ද්රව්ය ජාවාරම්වලින් උපයන මුදල් සුදු කිරීමේ ප්රධානියා ලෙස ඩ්රැගන් සම්පත් කටයුතු කර ඇත. කෙසේ වෙතත්, නවීන්ගේ රුපියල් කෝටි 10ක මුදලක් සම්පත් විසින් වංචා කිරීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී තිබේ. නවීන්ගේ මුදල් පරිපාලක වන "දොඩන්ගොඩ ධනුක" අදාළ මුදල් නැවත ඉල්ලා කිහිප වතාවක්ම කළ මරණ තර්ජන පවා සම්පත් මායිම් නොකිරීමේ ප්රතිඵලය වූයේ කළුතර නවීන් විසින් මෙම ඝාතන නියෝගය ලබා දීමයි. කළුතර නවීන්ගේ මෙම මත්ද්රව්ය ජාලයේ විශාලත්වය කෙතරම්ද යත්, මේ වසරේ මාර්තු මාසයේදී ද වයස අවුරුදු 28-33 අතර පසුවන කළුතර ප්රදේශයේ පුද්ගලයන් තිදෙනකු අයිස් කිලෝ 1ක් සමඟ විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම මත්ද්රව්ය නවීන්ගේ ජාලයට අයත් ඒවා බව තහවුරු විය.
ඝාතනය සඳහා කොන්ත්රාත්තුව භාර දී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරු කංජිපානි ඉම්රාන්ටය. ඔහු හරහා ප්රහාරය එල්ල කළ වෙඩික්කරු ඝාතනය සිදුවී පැය 24ක් ගතවීමටත් පෙර, එනම් ඔක්තෝබර් 10 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කරඹ, පාලවිය ප්රදේශයේ පදිංචි අංක 120 දරන නිවසේ 35 හැවිරිදි මුරුගේෂ් ශෂිකුමාර් නමැති මෙම සැකකරු, කංජිපානි ඉම්රාන්ගේ දිගුකාලීන කොන්ත්රාත් වෙඩික්කරුවකු ලෙස කටයුතු කළ පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි. කොළඹ මධ්යම බස් නැවතුම්පළෙන් මඩකලපුව දෙසට ධාවනය වූ බස් රථයකින් පලා යමින් සිටියදී නාවලඩි හන්දියේ යෙදූ මාර්ග බාධකයකදී ඔහු කොටුවන විට, ඔහු සතුව අයිස් මත්ද්රව්ය ග්රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් 6ක් තිබී ඇත. සැකකරු දැනට කළුතර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්රශ්න කරමින් පවතී.
වෙඩික්කරු කොටුවීමෙන් පසු, ඝාතකයන්ට ටී-56 ගිනි අවිය සැපයීම සහ ප්රවාහනය කරමින් ආධාර අනුබල දුන් ජාලයේ තවත් සැකකරුවන් තිදෙනකු පසුගිය 15 වැනිදා බ්රහස්පතින්දා සවස කළුතර දිසා අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පළමුවැන්නා කළුතර, රෙමුණගොඩ ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි කිමිදුම්කරුවෙකි. පානදුර උතුරින් සොරාගත් රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ත්රිරෝද රථයක්, යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ අපරාධයට හැඳි ටී ෂර්ට් එකක් ඔහු සතුව තිබී සොයා ගැනිණි. දෙවැන්නා කළුතර කොහොලාන, ඩයස් වත්තේ 26 හැවිරිදි කරණවෑමියෙකි. ඔහු සතුව තිබී අයිස් මිලිග්රෑම් 1000ක්, ජංගම දුරකථනයක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ ගිනි අවිය ප්රවාහනය කළ යතුරුපැදියට යොදාගත් ව්යාජ අංක තහඩුව හමුවී ඇත. මීට අමතරව අගලවත්ත, කැකුලන්දල ප්රදේශයේ 24 හැවිරිදි තරුණයකු ද ගිනි අවි ප්රවාහනයට යොදාගත් ආරක්ෂිත හිස්වැසුම, ටී ෂර්ට් එක, දිග කලිසම සහ ජංගම දුරකථනයක් සමඟ පොලිස් භාරයට පත් විය.
Dimuth Wickramasinghe retweeted
මාත් ලොකුවට දැනන් හිටපු නැති නිසා හොයලා බැලුවා පශු වෛද්ය ඉසුරු ගැන. ලෙඩ වෙච්ච සත්තුන්ට බෙහෙත් කරන්න කැලෑ ඇතුලේ දවස් ගණන් කොහොමද කට්ට කාලා තියෙන්නේ කියලා, කරන කැපවීම කොච්චරද කියලා හිතාගන්න බෑ..(මට නම් එහෙම කරන්න බෑ).
.
තමන්ගේ කණ්ඩායම, සතෙක්ට බෙහෙත් කරන්න යද්දි සිදුවුන අලි ප්රහාරයකට පස්සෙත්, ජීවිතය නූලෙන් බේරගෙන ඒත් මේ වෘත්තිය අතෑරලා ඒ වගේ කීප ගුණයක් සල්ලි හොයන්න පුලුවන් වෘත්තියක් නොකර මේ විදිහට කැප වෙන්න?.
.
අපිට ඉන්නෙත් Wildlife Vets ලා අතලොස්සයි. තමන්ගේ පවුල, වෘත්තීය, පෞද්ගලිකත්වය ඉලක්ක කරගෙන මරණ තර්ජන වල ඉඳලා විවිධ මට්ටම්වල තර්ජන, මඩ ගැසීම්, බැනවැදීම්, නින්දා, අපහාසත් මේ දුෂ්කර වෘත්තීය ඇතුලේ විඳීම අවශ්ය නෑ..මම විශ්වාස කරනවා වෛද්ය ඉසුරු අසරණ සත්තු වෙනුවෙන් ඒ ඉල්ලා අස්වීම (එහෙම වෙලා නම්) ඉවත් කරගනීවි කියලා..මොකද ඒ හිඩැස පුරවන්න එන්න ඒ හා සමාන අත්දැකීම් තියෙන, vets ලා අපිට වෙන නෑ..
වනජීවී පශුවෛද්ය ඉසුරු හේවකොට්ටගේ අස්වීමේ ලිපිය භාරදෙයි. 😔 දැන් ගිහින් මේකෙ කෑගහපු ගොඩ වෙද්දුටික බෙහෙත් කරපල්ලා. අවස්ථාවාදී අමන ජනකාන්ත මිත්යා දේශපාලනේ නිසා රටට අහිමි වෙන දේවල් උබලට හිතාගන්න වත් බෑ.
#wildlife #veterinarymedicine #NewsUpdate #PoliticalNews






























